Meal-prep recipes

Savory muffins with astra active

Recipe by Piumi

Preparation time (mins) / සූදානම් කිරීමට කාලය (මිනිත්තු)

35 minutes

Ready in (mins) / පිළිගැන්වීමට කාලය (මිනිත්තු)

10 minutes

Serves / පිළිගැන්විය හැකි ප්‍රමාණය

7

Ingredients

අවශ්‍ය ද්‍රව්‍ය

ඇස්ට්‍රා ඇක්ටිව් මේස හැදි 2

තම්බා ගත් කල නූඩ්ල්ස් කෝප්ප 2 

බිත්තර 2

සිහින්ව කපාගත් කැරට් ස්වල්පයක් 

ලූණු කොල ස්වල්පයක් 

කිරි අඩු කෝප්ප 1/4 

රස අනුව ලුණු ,

ගම්මිරිස් ස්වල්පයක් (අවශ්‍ය නම්)

අවශ්‍ය නම් පොඩියට කෑලි කපාගත් සොසේජස් මස් මාලු හතු ආදිය භාවිතා කල හැක..

පොඩියට කපාගත් තක්කාලි ස්වල්පයක් 


මෆින් එක උඩ සැරසිල්ල සදහා

🌿ඇස්ට්‍රා ඇක්ටිව් මේස හැදි 3

🌿තම්බාගත් බිත්තර කහමද දෙකක්


Instructions

සාදාගන්නා ආකාරය

1.මුලින්ම අවන් එක 180°C උෂ්ණත්වයට රත් වෙන්න දාගන්න . 


2.දැන් බිත්තර ටික හොඳින් ගසා ගන්න.


3.ඉන්පසු එයට කිරි දමා හොඳින් කළවම් කරගන්න.


4.දැන් එයට නූඩ්ල්ස්  බටර්,එළවලු , ලූනු කොළ සහ තක්කාලි එකතු කර හොඳින් කළවම් කරන්න.

5.ලුණු රස අනුව එකතු කරගන්න


6.දැන් අපි මෆින් ට්‍රේ එකට කප් කේක් ලයිනර් දමා හදාගත්ත මෆින් මිශ්‍රණය දාගන්න ඕනෙ.


7.දැන් මේ වෙනකකොට අවන් එක ගානට රත්වෙලා තියෙයි. දැන් අපි මෆින් මිශ්‍රණය දාලා සූදානම් කරගත්ත ට්‍රේ එක අවන් එකට දාලා විනාඩි 25ක් බේක් කරගන්න ඕනෙ.


8.විනාඩි 25-30 යනකොට  මෆින් ටික ගානට සෙට් වෙලා බේක් වෙලා තියෙයි. ඊට පස්සෙ නිවෙන්න තියන්න.


9.ඊටපස්සේ බිත්තර කහ මද සහ ඇස්ට්‍රා ඇක්ටිව් මේසහැදි 3 එකතු කරලා බීට් කරලා ක්‍රීම් එකක් වගේ අරගෙන මේක සරසගන්න.මේකට නොසල් එකක් භාවිතා කරාම ලස්සන සරසගන්න පුළුවන් ..බබාලට ආස හිතෙන විදියට.

Share this recipe / මෙම රෙසිපිය share කරන්න

Astra Breakfast Month

උදැසන ආහාර වට්ටෝරු