Recipe by Piumika
20 minutes
5 minutes
4
අවශ්‍ය ද්‍රව්‍ය
🔸 හාල් - කප් 2
🔸 තෙල් - මේස හැඳි 2
🔸 හීනියට කපා ගත් ලොකු ළූනු ගෙඩි - 2
🔸 තලා ගත් සුදු ළූනු - මේස හැඳි 1
🔸 තලා ගත් ඉඟුරු - මේස හැඳි 1
🔸 කරපිංචා ඉත්තක්
🔸 කුඩාවට කැපූ රම්පෙ - කෑලි 6
🔸 කුරුඳු පොතු කෑල්ලක්
🔸 එනසාල් - 3
🔸 කරාබුනැටි - 6
🔸 කහ කුඩු - තේ හැඳි 1
🔸 ලුණු අවශ්‍ය තරම්
🔸 වතුර, පොල් කිරි හෝ - කප් 4
🔸 චිකන් ස්ටොක්
සාදාගන්නා ආකාරය
🔸 පෑන් එකට තෙල් ටිකක් දමා රත් කරන්න.
🔸 එයට ළූනු එකතු කර විනාඩි 5 ක් පමණ බැද ගන්න.
🔸 තලා ගත් සුදු ළූනු හා තලා ගත් ඉඟුරු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
🔸 කරපිංචා, රම්පෙ, කුරුඳු පොතු, එනසාල් හා කරාබුනැටි එකතු කර විනාඩි 2 ක් පමණ බැදෙන්නට හරින්න.
🔸 හාල් හොඳින් සෝදා වතුර පෙරාගෙන රයිස් කුකර් එකට හෝ බත් උයන භාජනයට දමන්න.
🔸 එයට කහ කුඩු හා ලුණු එකතු කරන්න.
🔸 දැන් තෙම්පරාදු කර ගත් මිශ්‍රණය හාල් වලට එකතු කර සෙමෙන් මිශ්‍ර කරන්න.
🔸 එයට වතුර එකතු කර බත හොඳින් පිස ගන්න. වතුර වෙනුවට ඔබ කැමති නම් පොල් කිරි හෝ චිකන් ස්ටොක් එකතු කල හැක.
🔸 බත හොඳින් ඉදුන පසු බැද ගත් ළූනු, කජු, වියළි මිදි වලින් බත සරසා ගන්න.
උදැසන ආහාර වට්ටෝරු