Recipe by Dayathree
30 minutes
5 minutes
5
අවශ්‍ය ද්‍රව්‍ය
1. ගාගත් පොල් 300g
2. සීනි 200g
3. වැනිලා ස්වල්පයක්
4. එනසල් ඇට 3
5. පාන් පිටි 400g
6. අවශ්‍ය පමණට වතුර
7. බිත්තර 1
8 ඇස්ට්‍රා මේස හැඳි 2
9. ලුණු ස්වල්පයක්
10. කහකුඩු ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
1. සීනි ටික කැරමල් කරගන්න
2. එයට පොල් ටික එක්කර හොඳින් මිශ්‍ර කරන්න.
3. පැණි පොල් ටිකට වැනිලා ටිකක්, එනසල් ටිකක්, ලුණු කුඩු ස්වල්පයක් එක්කර හොඳින් කලවම් කරන්න.
4. පැණි පොල් මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිවෙන්න තබන්න.
5. පෑන් කේක් බැටරය සාදා ගැනීමට පාන් පිටි ටිකට බිත්තරයක්, ලුණු කුඩු ටිකක්, කහ කුඩු ස්වල්පයක් දමා එයට අවශ්‍ය පමණට වතුර එක්කර උකු මිශ්‍රණයක් සාදා ගන්න.
6. රත්වූ පෑන් එකට ඇස්ට්‍රා ටිකක් එක්කර පෑන් කේක් ටික සාදාගන්න.
7. පෑන් කේක් එක මැදට පොල් පැණි මේස හැන්දක් පමණ දමා රෝල් කරගන්න.
7. දැන් පොඩ්ඩෝ ආසම පොල් පැණි පෑන් කේක් breakfast එකට ready.
උදැසන ආහාර වට්ටෝරු